hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 3:35



15 වැනිදායින් පසුව ලංකාව පුරාම පාහේ සවස් කාලයේදී වැසි බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසනවා.

තද වැසි ඇදහැලෙන ස්ථාන ප්‍රදේශය අනුව එය වෙනස්විය හැකි බවයි ඔහු පවසන්නේ.

දකුණු පළාතට පැවැති තද වැසි තත්වය අඩු වුවද, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට අද (09) සහ හෙට (10 ) ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වියහැකි බවද ඔහු සදහන් කළා.

මේ අතර අද දිනයේ නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: