hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 මාර්තු 28, ප.ව. 9:47



ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් ආරම්භ කර තිබෙන වැඩ වැඩවර්ජනය හේතුවෙන් බවුසර් වලට ඉන්ධන පිරවීමේ කටයුතු සිදු නොකිරීම නිසා ඉන්ධන හිඟයක් ඇති වේ යැයි බියෙන් වාහන හිමියන් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් වල විශාල ලෙස රැඳී සිටින බව ප්‍රදේශ රැසකින් වාර්තා වෙනවා.

ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඒකාධිකාරී බලය විදේශ සමාගම් දෙකකට ලබාදීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති රැසක් රාජකාරිවලින් ඉවත් ව වැඩ වර්ජනයක නිරත වීම මීට හේතුවයි.