2023 ජූනි 06, ප.ව. 2:14
ඛනිජ තෙල් බෙදාහැරීමට නව තරඟකරුවන්ට පැමිණීමට තිබෙන අවස්ථාව පුළුල් කිරීමට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා යෝජනා ඉදිරිපත් කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඔහු ඒ බව සඳහන් කළේ අද(06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එම යෝජනා සකස් කිරීමෙන් පසු තරඟකාරී ක්‍රමවේදයක් යටතේ මිල ගණන් තීරණය වනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
තවමත් එම කටයුතු සැකසෙමින් පවතින වාතාවරණයක් තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර හිමි වූ විදෙස් සමාගම් තුන සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා මීට පෙර සඳහන් කර තිබුණා.
චීනයේ සිනෝපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්ට්‍රෝලියම්, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්.එම්. පාක්ස් කියන ආයතන තුනට මෙරට තෙල් බෙදාහැරීමේ බලය මේ වන විට හිමිව තිබෙනවා.
2025 ජනවාරි 27, ප.ව. 6:07
2025 ජනවාරි 27, ප.ව. 5:37
2025 ජනවාරි 27, ප.ව. 5:24
2025 ජනවාරි 27, පෙ.ව. 11:29
2025 ජනවාරි 27, පෙ.ව. 10:56