hit counter

2025 ඔක්‍තෝබර් මස 17 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:13



දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත සම්මත වුවහොත් අනාගතයේ දී සියලු පාසල්වල පොලිස් මුරපළවල් විවෘත කිරීමට සිදුවනු ඇතැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

“දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධනය කිරීමේ පනත සම්මත වුවහොත් අනාගත පරපුර අනාථයි. සෑම පාසලකම පොලිස් පෝස්ට් එකක් අරින්න වෙනවා. එම නිසා එය වහා හකුළා ගතයුතුයි. එසේ නොකළොත් ඉදිරියේදී එන අරගලය කිසිවකුට නවතාලනු නොහැකි වේවි.

අගමැතිවරිය පවසනවා මේ පනත පාසල් දරුවන් හා ගුරුවරුන් ඉලක්ක කර ගනිමින් ගෙනා පනතක් නොවේය කියලා. ඇත්තතමයි. පාසල් දරුවන් පමණක් පිරිවෙන්වල ලබන දරුවන් හා සාමණේර වහන්සේලා, ළමා නිවාසවල ඇති දැඩි වෙමින් අධ්‍යාපනය ලබන දරුවන් මේ හැමෝම නොවෙයි අධ්‍යාපනය අයත් වෙනවා.

ඒක තමයි අපට තිබෙන ප්‍රශ්නය. සෑම දරුවකුගේම බාරකරුවන්ට එම පනත සම්මත වුවහොත් සිදු වෙනවා දරුවන් යටතේ කටයුතු කරන්න. ඒ නිසා අනාගත පරපුර වල්මත් කරවන ඒ අශීලාචාර නීතිය වහාම ඉල්ලා අස්කර ගතයුතුයි. තවම එය ඉල්ලා අස්කරගෙන නැහැ. හිමින් සීරුවේ පනත සම්මතකර ගැනීමයි ඔවුනගේ බලාපොරොත්තුව. ඒ නිසා මේ පනත පරාජය කළ යුතුම පනතක්.

අගමැතිවරිය අපේකම, අපේ ශිෂ්ටත්වය, අපේ සම්ප්‍රදාය ගණන් ගන්නේ නැති නම් රටේ ජනතාව විශ්වාසය නියලා තිබෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් පමණයි. මහා නාහිමිපාණන් වහන්සේලාත් ජනාධිපතිවරයාට මෙහි යථාර්ථය පහදා දිය යුතු වෙනවා.”

උන්වහන්සේ එසේ පැවැසුවේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: