hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:04



කෙහෙල්බද්දර පද්මේ විසින් අරමුදල් සපයන ලදැයි කියන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන මධ්‍යස්ථානයක් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන යෑම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් විදේශීය ජාතිකයන් ගෙන්වා ඇතැයි විමර්ශනවලින් හෙළි වීමත් සමඟ ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

මෙම නීති විරෝධී මෙහෙයුම සඳහා රුපියල් මිලියන 4කට වඩා ආයෝජනය කළ බව ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල්බද්දර පද්මේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය විසින් එසේ ගෙනවිත් සඟවා ඇතැයි පැවසෙන රසායනික ද්‍රව්‍ය සොයාගැනීම සඳහා මිද්දෙණිය ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර නිවසක් පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ කන්ටේනර් දෙක සොයාගැනීමට හැකිව තිබේ.

ඒ තුළ තිබූ බව පැවසෙන රසායනික ද්‍රව්‍ය වළ දමා ඇති බවට වැඩිදුරටත් විමර්ශණය කිරීමේදී අනාවරණය වී තිබේ. ඒ අනුව පොලිස් නිළධාරීන් විසින් එම වළ දමා තිබූ රසායනික ද්‍රව්‍ය තොගය ගොඩ ගැනීමට කටයුතු කර ඇත.

පොලීසිය පවසන්නේ එම තොගය තුළ කිලෝග්‍රෑම් පනස්දහසක් පමණ තිබෙනු ඇතැයි සැක කරනා බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: