hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2025 අගෝස්‍තු 30, ප.ව. 10:14



පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් ඇතුළු පිරිස රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

අද (30) පස්වරු 3.30ට පමණ ජකර්තා අගනුවරින් පිටත් වූ ගුවන් යානය මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළත් ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.

මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් ඇතුළු පොලිස් විශේෂ කාර්යය බළකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.