hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 4:07



පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (02) රාත්‍රියේ තලවකැලේ ආගරපතන හෝල්බෘක් ප්‍රදේශයේ දි පාතාලයේ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මීතියාගොඩ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතන ගණනාවකට අවශ්‍යව සිටි සැකකරුවකු බවත්, ඉන්දුනීසියාවේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ පාතාලයේ නායකයින්ට මෙරට ඇතැම් පුද්ගලයන් සමඟ සම්බන්ධව වීමට අවශ්‍ය වට්සැප් තාක්ෂණය මෙම සැකකරු විසින් ලබා දී තිබු බවටත් කරුණු හෙළිව තිබේ.

සැකකරු ආගරපතන ප්‍රදේශයේ බිරිදගේ නිවසේ සිටියදි අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දුනීසියාවේදි අත්අඩංගුවට ගත් පාතාල නායකයින්ගේ දුරකථන විශ්ලේෂණ අනුවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32 පමණ වයසැති අයෙකු බවත්, අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා ආගරපතන පොලිසිය වෙත භාර දී ඇති බවත් වාර්තා වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: