hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 11, ප.ව. 2:03



කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර තිබූ ලිපිය ආපසු කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ තේරීම් භාර නිලධාරීවරුන් පත් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව විසින් වන බැවින් අදාල ඇප තැන්පතු නියමිත පරිදි භාර ගැනීම ඔවුන්ගේ වගකීමක් වන බවයි.

මැතිවරණ සේවා කොමිෂන් සභාවේ කටයුතුවලට බාධා කරමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට දරන උත්සාහය නොසලකා හැර කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට ඊයේ රාත්‍රියේ විරෝධතාවයක් ද පැවැත්වුණා.