hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 09, පෙ.ව. 1:01



නිල ඇඳුම හෝ නිල හැඳුනුම්පතක් නොමැතිව කොළඹ නගරය තුළ රථවාහන ගාල් කිරීමට අදාළව මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් ලබා නොදෙන ලෙස කොළඹ මහ නගර සභාව දැනුම්දීමක් කරනවා.

එලෙස අනවසර ටිකට්පත් ලබා දිම් සිදු වන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු මංජුල කුලරත්න මහතා පවසනවා.

රථ ගාලක වාහනය නැවැත්වීමෙන් පසු මිනිත්තු 5ක සහන කාලයක් ලබා දෙන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම යම් හෙයකින් මුදල් එකතු කරන තැනැත්තා වාහනය රථ ගාලෙන් පිටත් වන අවස්ථාවේදී එම ස්ථානයේ නොසිටිය හොත් මුදල් ගෙවීමට අවශතාවයක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.