2025 මැයි 20, ප.ව. 2:29
තමන් ආණ්ඩුව විවේචනය කරන නිසා අනාරක්ෂිත තත්ත්වයක් සහ තමන්ට තර්ජන පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවෙන් ආරක්ෂාව ඉල්ලා සිටියා.
මේවන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉලක්ක වී ඇති බවයි මන්ත්‍රීවරයා කතානායකවරයාට දැනුම් දුන්නා.
ඒ මන්ත්‍රී වරප්‍රසාද අනුව ප්‍රශ්නයක් යොමු කරමින්.
එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පිළිතුරු දීමත් සමග යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුනා.
කාන්තා මන්ත්‍රිවරියකට අපහස කළ බවයි ආණ්ඩු පක්ෂය චෝදනා කළේ.
ආණ්ඩු පක්ෂ සහ විපක්ෂය අතර මැදිවූ කතානායකවරයා ආණ්ඩු පක්ෂයට වාසි නොවන ආකාරයෙන් සභාව පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරුවා.
2025 මැයි 20, ප.ව. 1:59
2025 මැයි 20, පෙ.ව. 11:09
2025 මැයි 20, පෙ.ව. 11:03
2025 මැයි 20, පෙ.ව. 10:47
2025 මැයි 20, පෙ.ව. 10:34