hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 05, ප.ව. 4:16



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023.05.15 වන දින කැබිනට් අනුමැතිය හිමිව තිබුණේය.

ඒ අනුව 2025 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදි ජනාධිපතිවරයා විසින් එක් මන්ත්‍රීවරයෙකුට වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක රක්ෂණාවරණයේ සීමාව රුපියල් 250,000 දක්වා අඩුකිරීමට යෝජනා කළේය.

ඒ අනුව 2025.10.09 වන දිනෙන් ආරම්භ වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000කට සීමා කර ඇත.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.