2023 ජූලි 01, පෙ.ව. 9:27
කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු වෙත යද්දී රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා සැලසුම් කර තිබෙනවා.
ජනාධිපති ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ කමිටු වල සභාපතිවරුන්ගෙන් ලද පැමිණිලි හා ඊට අදාලව කළ නිදහසට කරුණු විමසීමේදි නිලධාරීන් දුන් පිළිතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුවයි.
කෝප් සහ කෝපා යන කමිටු වලින් ජනපති ලේකම් සමන් ඒකනායක මහතාට පැමිණිලි ලැබී ඇත්තේ මෙම කමිටුවලට පැමිණෙන නිලධාරීන්ගෙන් බොහෝ දෙනකු ඊට නිසි සුදානමින් නොපැමිණෙන බව කියමින්.
අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ප්‍රධාන ලේකම්වරුන් අදාල ආයතනය වල විගණන කමිටුවට සහභාගී නොවී විගණකාධිපතිගේ දැනුම්දීම් ගැන අධ්‍යයනයකින් තොරව පාර්ලිමේන්තු කාරක සභාවෙත පැමිණ පිළිතුරු දෙන නිසා කමිටුවල කාලය අපතේ යන බව එහි සභාපතිවරුන් ජනාධිපති ලේකම් වෙත දැනුම් දී තිබෙනවා.
මේ ගැන ජනාධිපති ලේකම්වරයා අදාල අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් විමසීමේදි පාර්ලිමේන්තුවට කැදවා නඩු අසන ලීලාවෙන් මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීමත් ඒවා පසුව මාධ්‍ය වෙත නිකුත් කිරීමත් නිසා නිලධාරීන් අපහසුතාවයට පත් වන බවට ඔවුන් දුක් ගැනවිලි ඉදිරිපත් කොට තිබෙනවා.
ඒ අනුව දෙපාර්ශවයටම ගැටළුවක් නොවන ආකාරයට මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට ජනපති ලේකම්වරයා සැලසුම් කර ඇති අතර ඉදිරියේදී එය සකස් කිරීමෙන් පසු සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරනු ඇති.
2025 අගෝස්‍තු 05, පෙ.ව. 11:49
2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:48
2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:44
2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:41
2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:20