hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූලි 10, ප.ව. 8:43



බාල ඖෂධ හේතුවෙන් මරණ පිට මරණ සිදු වෙද්දී බරපතල ඖෂධ හිඟයකින් ජනතාව පීඩා විඳිමින් සිටියදී ඒ කිසිවකට පිළිතුරක් පෙනෙන තෙක් මානයක නොමැති අවස්ථාවක ජාතික ඖෂධ නියාමන අධිකාරියට සාජ්ජ දැමීමට තිබෙන නිමිත්ත කුමක්දැයි ශ්‍රී ලංකා රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සභාපති රවි කුමුදේශ් මහතා විමසනවා.

2023.07.08 සහ 2023.07.08 දෙදිනක් පුරා ත්‍රිකුණාමලයේ ග්‍රීන් ගාර්ඩ්න් හෝටලයේදී ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සියළු දෙනා හා ඔවුන්ගේ පවුල් වල සියළුම දෙනා එක්ව සාජ්ජයක් පවත්වා තිබෙනවා.

එම සාජ්ජය සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ගේ වියදමින් සිදු කළ හැකි එකක් නොවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන අතර ඖෂධ සමාගම් වල වියදමින් මෙවැනි සාජ්ජ පැවැත්වීම අධිකාරිය පුරුද්දක් ලෙස සිදුකරන බවයි සඳහන් වන්නේ.

ඒ නිසා මේ සාජ්ජයද කිසියම් අරමුණක් සඳහා ඖෂධ සමාගම් අනුග්‍රහයෙන් පැවැත්වූ එකක්ද යන බරපතල සැකයක් මතු වී ඇති අතර මේ සඳහා මුදල් සොයාගත් ආකාරය පිළිබඳව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා.

අනුග්‍රාහකත්වයන් ලබා දීම සාමාන්‍ය තත්වයක් වුවද ඖෂධ නියාමන අධිකාරිය වැනි ස්වාධීන ආයතනයකට එසේ කළ හැකි වීම සාමාන්‍ය තත්වයක් වුවහොත් ඖෂධ සමාගමක් විසින් සියල්ලන් මිලදී ගැනීම වුවද සාමාන්‍ය තත්වයක් බවට පත් විය හැකිබවයි රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.