hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූනි 30, පෙ.ව. 12:04



ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජූනි මස අග සිට කල් ඉකුත්වන සියලුම විදේශ ගමන් බලපත්‍රවල වලංගු කාල වසරකින් දීර්ඝ කර ඇත. ඒ මෙරට ඊ-පාස්පෝට් ව්‍යාපෘතිය ලබන වසරේ ජනවාරි මස ආරම්භ කිරීමට නියමිත බැවිනි.

ජුනි 30 වැනිදාට වසර දහය සම්පූර්ණ වීමෙන් කල් ඉකුත්වන විදේශ ගමන් බලපත්‍ර තවත් වසරක් දක්වා නොමිලේ දීර්ඝ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නව ඉලෙක්ට්‍රොනික චිප් ඇතුළත් කර ඇති විද්‍යුත් ගමන් බලපත්‍රය ලබන වසරේ ජනවාරි මාසය වන විට මහජනතාවට නිකුත් කෙරෙන අතර, නව විදේශ ගමන් බලපත්‍රය විද්‍යුත් ගමන් බලපත්‍රයක් බවට පත් කර ගැනීමට ඉන් ජනතාවට ඉඩකඩ සැලසෙනු ඇත.

නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා ලංසු කැඳවීමෙන් පසු සමාගමක් තෝරාගෙන ඇති අතර මේ වන විට එම ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බව ආගමන විගමන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවා.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ පසු වාර්ෂිකව විද්‍යුත් ගමන් බලපත්‍ර ලක්ෂ 7ක් පමණ නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: