hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූනි 07, පෙ.ව. 10:53



ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඇතුළත හා පිටත තැරැව්කරුවන් කිසිවෙකු නොමැති බව එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවා.

දෙපාර්තමේන්තුව අභ්‍යන්තරය විනාඩි තිහෙන් තිහට පරීක්ෂා කර වෙනත් බාහිර පුද්ගලයන් සිටින්නේදැයි සොයා බලන බව ද ආගමන හා විගමන පාලකවරයා සඳහන් කළා.

විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට පැමිණි පුද්ගලයන් පිළිබඳව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිරතුරුව පරීක්ෂාවට ලක්කරන බව ත්, එහිදී වෙනත් බාහිර පුද්ගලයන් සිටින්නේදැයි පහසුවෙන් හඳුනාගත හැකි බව ත් හෙතෙම ප්‍රකාශ කළා.

ඒ අනුව මහජනතාවට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී තැරැව්කරුවන්ගෙන් පීඩාවක් ඇති නොවන බවට තහවුරු කරගෙන ඇතැයි ද ඉලුක්පිටිය මහතා සඳහන් කළා.

මේ අතර, විදේශ ගමන් බලපත්‍රය ඉන්ටර්නෙට් ඔස්සේ අයැදුම් කර දින තුනෙන් නිවසට ලබාදීමේ වැඩපිළිවෙළ මේ මස 15 වන දා හඳුන්වා දෙන බව ද ආගමන හා විගමන පාලකවරයා පැවසුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වෙන උත්සවයකදී එම වැඩසටහන ආරම්භ කරන බව ද හෙතෙම සඳහන් කළා.

Example Image