hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 මැයි 27, ප.ව. 9:20



ආගමික සංහිඳියාවට බලපෑම් එල්ල වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකළ, දේවගැති ජෙරම් ප්‍රනාන්දු බෞද්ධ, හින්දු ඉස්ලාම් ජනතාවගෙන් යළි සමාව ඉල්ලා තිබෙනවා.

ඒ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ(26) සංවිධාන කළ ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින්.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ආගමික දේශනයකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් රට තුල දැඩි කතාබහට ලක්වුණේ එම ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට පාර්ශව රැසක් චෝදනා කිරීමත් සමගයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ විමර්ශනයක් ද ආරම්භ කළ අතර ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

ඒ වනවිටත් විදෙස්ගතව සිටි දේවගැති ජෙරොම් ප්‍රනානදු පසුගියදා ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් කියා සිටියේ කළ ප්‍රකාශයෙන් යම් සිත් රිදවීමක් සිදුවූයේ නම් ඒ පිලිබදව සියලු ආගමික පාර්ශවයන් වෙතින් සමාව ඉල්ලා සිටින බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනසුකළේ එවන් පසුබිමකයි.