hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 ජූලි 01, පෙ.ව. 12:04



රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කරන බව ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුව, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට පත්කිරීම ඉතාව වැරදි පූර්වාදර්ශයක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ආචාර්ය සූරියප්පෙරුම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් මෙන්ම දැඩි ලෙස චෝදනා ලබන කොටස් වෙළඳපොළේ කටයුතු කළ අයකු බව ද මෙය හුදු දේශපාලන පත්වීමක් බව ද හෙතෙම අවධාරණය කරයි.

මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය දැරීම සඳහා කුසලතාව හෝ සුදුසුකම ආචාර්ය සූරියප්පෙරුමට නොමැති බව පසුගිය මාස කිහිපයේ දී පෙන්වා ඇති බව මුළු මුදල් අමාත්‍යංශයම දන්නා බව ද පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

මුදල් අමාත්‍යංශයේ හෝ රජ්‍ය පරිපාලන සේවයේ මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය සඳහා සුදුසු පුද්ගලයෙකු නොමැති දැයි ඔහු ප්‍රශ්න කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: