2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:04
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජාතික ජනබලවේගය ආණඩුවට අවශ්‍යතාවක් නැති බවත් ජනාධිපති වරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබූ ජන වරම පළාත් පාලන මැතිවරණයෙන් විශාල පසුබෑමකට ලක්වී ඇති බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ජාතික ජන බලවේගයට තව දුරටත් ඡන්ද අඩු වන බව පෙනී යන නිසා ඔවුන් පළාත් සභා මැතිවරණය නොපවත්වා වසර 4 කට කිසිදු මැතිවරණයක් පවත්වන්නේ නැති බවට ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන බවත් එක්සත් ජනරජ පෙරමුණ නායක චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඔහු මෙසේද පැවසීය.
“දූෂණය මැඩලන්න කියලා දෙකයි පනහේ හොරකම් පස්සේ වලවලා අද රාජ්‍ය අංශයම බය වෙලා. රොකට් එකේ ප්‍රශ්න ඇතුළු මෙගා ඩීල් එකක්වත් අනුර කුමාර දිසානායක විසඳන්නේ නැහැ. ජාවාරම්කාරයන්ට බයයි. මෙගා හොරු අල්ලන්නේ නැහැ. දෙකයි පනහෙ හොරු අල්ල අල්ල අල්ලා චූන් වෙන එක තමයි කරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා විවිධ මට්ටමෙන් සමාජයට වැඩ කරපු පිරිස් විවිධ දේශපාලන පක්ෂවල ඉන්න අය අතර යම් වේදිකාවක් ගොඩනගන්න. ඒක දේශපාලන පක්ෂයක් නෙමෙයි.
විපක්ෂ නායකයාගේ කාර්ය විපක්ෂ නායක කරයි. නමුත් අපට කියන්න තියෙන්නේ වසර තිහකට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය ඇතුළු කණ්ඩායම විපක්ෂයේ හිටියා. දිනන ක්‍රියාවලියකට ගමන් කරන බවක් පෙනෙන්න නැහැ. අද වනවිට විට විපක්ෂය කොටස් ගණ නාවකට බෙදිලා වෙන් වෙලා. නව ජාතික එකමුතුවක් ගොඩ නගන අලූත් අවස්ථාවක් රටට ලැබිලා තියෙනවා. කිසියම් සන්ධානයක් ඉදිරි කාලයේදී හඳුන්වා දෙන්න කටයුතු කරනවා.”
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:20
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:04
24-07-25
24-07-25
21-07-25
21-07-25
01-07-25
01-07-25
26-04-25
26-04-25
07-04-25
07-04-25
02-04-25
02-04-25
30-03-25
30-03-25
23-03-25
23-03-25
11-03-25
11-03-25
10-03-25
10-03-25
08-02-25
08-02-25
13-12-24
13-12-24