hit counter

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් 06, පෙ.ව. 12:06



ප්‍රමාණවත් විදුලි උත්පාදන ප්‍රභවයන් නොමැති වීම හේතුවෙන් අප්‍රේල් 03 දින සිට දිවයිනේ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බව හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම මගින් පවසයි.

වර්තමානයේ පවතින ගල් අඟුරු සැපයුම සම්බන්ධ අර්බුදකාරී තත්ත්වය මෙලෙස විදුලි බල පද්ධතිය අඩාල වීමට ප්‍රධාන හේතුව වී ඇති බවත් ඔහු චෝදනා කරයි.

නොරොච්චෝල ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ එහි පද්ධති ඒකක තුනෙහිම ජනන ධාරිතාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව යයිද සටහනේ දැක්වෙයි.

  • 1 ඒකකය: දැනට ජනනය කරනු ලබන්නේ මෙගාවොට් 216ක් පමණක් වන අතර එහි හිඟය මෙගාවොට් 54කි.
  • 2 ඒකකය: මෙගාවොට් 235ක ධාරිතාවක් පවත්වා ගන්නා අතර මෙගාවොට් 35ක හිඟයක් පවතී.
  • 3 ඒකකය: මෙගාවොට් 236ක ධාරිතාවක් පවතින අතර එහි හිඟය මෙගාවොට් 34කි.

මේ අනුව ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට එක්විය යුතු මුළු විදුලි ධාරිතාවෙන් මෙගාවොට් 123ක දැවැන්ත හිඟයක් පවතින බවත් හෙතෙම පෙන්වා දෙයි.

පවතින ගල් අඟුරු වංචා සහ දූෂිත ක්‍රියාවන් හේතුවෙන් විදුලි උත්පාදනයට අවශ්‍ය සම්පත් සපයා ගැනීමට නොහැකි වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස විදුලි කප්පාදුවක් කරා යාමට සිදුව ඇති බවත් රණවක මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අවධාරණය කර සිටී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: