2025 මාර්තු 30, පෙ.ව. 12:26
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව සඳහා එක්සත් ජනරජ පෙරමුණෙන් තරග වදින අපේක්ෂක කණ්ඩායම තම මැතිවරණ ව්‍යාපාරය පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් නගරාධිපති අපේක්ෂක ප්‍රසන්න රවීන්ද්‍ර ලාල් මහතාගේ නිවසේ දී ආරම්භ කළේ ය.
එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;
ප්‍රශ්නය:
පහළ ම මැතිවරණයට සහභාගී වෙලා ආණ්ඩුවක් පිහිටුවන්න ද ඔබ සූදානම් වන්නේ? ආණ්ඩුවේ බලය තිබෙන අයට ජයග්‍රහණය හිමි වන සාමාන්‍ය ක්‍රමයක් තියෙද්දී මෙච්චර දුවන්නෙ මොකටද?
පිළිතුර:
නෑ දැන් රටේ දේශපාලනය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. අපි උත්සාහ කරන්නේ කතන්දර වලට, ඒ වගේම පුරාජේරු වලට, බඩු බෙදිලි වලට, ඒ කාරණා වෙනුවට, මේ ලංකාවේ පරිපාලන අගනගරය, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාව වැඩ කරන තැනක් බවට හරි දේ කරන තැනක් බවට පරිවර්තනය කරලා, නියම පරිපාලන අගනගරයක් ගොඩනගන්න. අප ගෙන ගිය වැඩපිළිවෙළ (මහ නගර අමාත්‍යාංශය) ඉදිරියට ගෙනියන්න පුළුවන් නගරාධිපති කෙනෙක් ඇතුළු කණ්ඩායමක් පත් කිරීම තමයි අපේ අරමුණ.
ප්‍රශ්නය:
ඔබතුමාගේ එකේ නැද්ද මැරයො?. සමාජ ජාල දිහා බැලුවම ගමට ගැළපෙන්නේ නැති පුද්ගලයෝ ඉන්නවනේ. ඒකෙ ඉන්නවද?
පිළිතුර:
පරණ අපේ මහ නගර සභාව නියෝජනය කරපු මන්ත්‍රීවරු ගණනාවක් ම ඉන්නවා. අපේ ප්‍රසන්න මහත්මයා, ප්‍රියදර්ශනී මැතිනිය, අපේ රජික කොඩිතුවක්කු මහත්තයා ඇතුළු කණ්ඩායමක් ම ඉන්නවා පසුගිය නගර සභාව නියෝජනය කරපු. ඒ වගේ ම වැදගත් වෘත්තීය මට්ටමේ පිරිස් ඉන්නවා. සමාජ නායකයෝ ඉන්නවා මිසක් ඔය මැරයෝ, කුඩුකාරයෝ, අයිස් කාරයෝ, අපේ ලැයිස්තුවල නෑ.
ප්‍රශ්නය:
මේ ගමන පුළුවන් වෙයි ද? ඒ කියන්නේ තරඟයක් දෙන්න පුළුවන් වෙයි ද? දැන් මේ තියෙන තත්ත්වය අනුව දැන් එළියේ ගියපු අනිත් ප්‍රබල පක්ෂවල කට්ටියත් තරඟ වදිනවා.
පිළිතුර:
ප්‍රබල පක්ෂ කියලා ජාතියක් දැන් ලංකාවේ නැහැ. හැම පක්ෂෙම පහුගිය මහ ඡන්දෙදි මාලිමාව හැර සියයට දහයට අඩුයි ඡන්ද අරන් තියෙන්නේ. ඒ හින්දා අපි ප්‍රබල පක්ෂ කියලා ජාතියක් හරි, ප්‍රබල අපේක්ෂකයෝ කියලා ජාතියක් හරි නැහැ. මාලිමාවත් ගත් කල; එක ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දෙට පිටින් ඡන්ද දහසයක් අරගෙන තමයි බලය පිහිටෙව්වේ. ඉතින් ඔවුන් දැන් උත්සාහ කරන්නේ පක්ෂයේ ප්‍රගමනය කරන්න. අපි බලන්නේ පක්ෂය වෙනුවට ජනතාව බලවත් කරන වැඩසටහනකට, වැඩපිළිවෙළකට අපේ ජනතාවගේ ඡන්දය ලබා ගන්න. ඒකෙ දි අපට තියෙනවා ලොකු දෙයක් කියන්න. කතා වලට එහා ගිය වැඩක් කරලයි අපි ඇවිල්ලා තියෙන්නේ. කසල කළමනාකරණය පිළිබඳ ව මේ රටේ විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල තිබිච්ච ප්‍රශ්නය විසඳන්න වැඩ කටයුතු කරපු පිරිසක් අපි. ඒ වගේ ම කැලණි ගඟ හා මේ පහත් බිම් ප්‍රදේශවල ගංවතුර ප්‍රශ්නය විසඳන්න. විශේෂයෙන්ම කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේ වැඩ කරපු පිරිසක් හැටියටයි අපි ඇවිල්ලා තියෙන්නේ.
ඒ වගේ ම දුගී ජනතාවගේ නිවාස ප්‍රශ්න විසඳීමට, මධ්‍යම පාන්තික නිවාස ප්‍රශ්නය විසඳීමට නව ආකෘති ගෙනෙල්ලා වැඩ කරපු පිරිසක් හැටියටයි අපි ඉන්නේ. ඒ වගේ ම අපට පුළුවන් කම තිබුණා නම් අද මේ වෙන කොට 2025 අර ලයිට් රේල්වේ එක අපේ ශ්‍රී ජයවර්ධනපුර අගනගරය හරහා යනවා. එදා රැල්ලට ගිහිල්ලා රණවිරුවෙක් ගෙනල්ලා රට ගොඩනගන්න ගිය එකේ ප්‍රතිඵලය තමයි තියෙන්නේ. ඉතින් දැන් පොහොසත් රටක් ගොඩනඟන්න ගිහිල්ලා මේ වෙන කොට හය මාසයක් ගඩොලක් වත් සංවර්ධනයට තියලා නෑ.
ප්‍රශ්නය:
දැන් පාර්ලිමේන්තුව දිහා බැලුවම ප්‍රබල විපක්ෂයක් නැති අඩුවක් පේනවා නේද? දැන් පොඩ්ඩක් කතා කරන මිනිස්සුන්ට ඇතුළට යන්න වෙනවා. දැන් මේ ළඟදී ඒ කියන්නේ මං දන්නෑ හරි හෝ වැරදි අපි දන්නෑ නෑ. විශේෂයෙන් චාමර සම්පත් දසනායක මහත්තයා අරෙහෙ මෙහෙ නීතිමය කටයුතු වලට මුහුණ පානවා. ප්‍රබල විපක්ෂයක් නොමැති වීම ලොකු බලපෑමක් නේද?
පිළිතුර:
මෙහෙමයි. ඔය සිද්ධි වලට චාමර සම්පත් දසනායක නෙමෙයි වෙන ඕනම කෙනෙක්ට දඬුවම් කිරීමට අපි විරුද්ධ නෑ. හැබැයි ඒවා දේශපාලන දඩයම් නොවිය යුතුයි. ප්‍රශ්නෙ තියෙන්නේ මේ රටේ ඊ වීසා වංචාවෙන් කෝටි 370 ක් රටේ ජනතාවගේ ධනය කොල්ල කාපු හොරුන්ට පියවර ගන්න බැරි අය, පාසල් දරුවන් පාසල් බෑග් ලබාදීම සම්බන්ධයෙන් මහා ක්‍රියාවලියක් ගෙන යන එක. හැමෝම නීතිය ඉදිරියේ සමානයි කිව්වට ජාවාරම්කාරයෝ බේරලා තමයි යන්නේ.
ඒ වගේම මේ රජය යටතේත් කන්ටේනර් 323 ක් රතු ලේබල් අලවපුවා නිදහස් වුණා. අද වෙනකන් අපේ විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවට බැරි වුණා. ඒ කන්ටේනර් වල තිබුණේ මත් කුඩු ද? අවි ආයුධ ද? හොර බඩු ද කියලා අපට කියන්න බැරි වුණා. ඒක මේ රටේ සිදු වෙච්ච බලගතු ම වංචාවක්.
ඒ විතරක් නෙවෙයි. ටෙන්ඩර් කමිටිය හා කමිටුව ප්‍රතික්ෂේප කරපු පිරිසකට තමන්ගේ හිතවත් ජාවාරම්කාරයෙක්ට අයිති සමාගමකට විදුලිබල ව්‍යාපෘතියක් ලබා දුන්නා.
ඒ වගේ ම කියන්න ඕනේ මේ ආණ්ඩුව දැන් බොහෝ දුරට කියනවා මේ ගමෙත් දූෂණය නවත්වමු. අපි රටේ දූෂණය නැවැත්තුවා. ඉතුරු කළා කියලා. ඇත්තටම මම කියන්න ඕනේ මේ මන්ත්‍රීවරුන්ට අපි හිතුවොත් සියලු දීමනා සහිත ව ලක්ෂ තුනක් පඩි ලැබෙනවා කියලා. මේ මාලිමාවේ 159 දෙනාගේ පඩි ඉතුරු කළා. ඒගොල්ලන් ඒ ඔක්කොම පක්ෂයෙන් නඩත්තු ඒ මුලු සල්ලි ම රජයට ආපහු ලබා දුන්නා. මේ මුලු අවුරුදු පහට ම ඒවා ලබා දුන්නත් ඒ ලැබෙන මුදල, ඒ ඉතුරු වෙන මුදල වගේ තුන් ගුණයක් පසුගිය පෙබරවාරි නම වෙනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ ඒ එකෙන් රටට අහිමි වුනා. තුන් ගුණයක්. බිලියන අටකට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට විතරක් අහිමි වෙලා තියෙනවා.
ඒ අනුව ඔය බොරු ඉතිරි කිරීම් වලින් වැඩක් නැහැ. මේ එකෙන් විතරක් ලංකා විදුලිබල මණ්ඩලයට, මේ රටේ ජනතාවට ඒක සම්පූර්ණයෙන්ම අහිමි කරලා තියෙනවා. ඒ නිසා විදුලිබල පද්ධතියක් වඳුරෙක් පැන්නහමත් පාලනය කරගන්න බැරි පිරිසකට බිලියන ගාණක් ඒ සඳහා නාස්ති කරලා තියෙනවා නම්, ඒක සාහසික අපරාධයක්.
ඒ වගේ ම පසුගිය කාලය පුරා නිකන් ලැබෙන සුර්ය බලය නිකන් ලැබෙන ජල විදුලිය, නිකන් ලැබෙන සුළං බලය කප්පාදු කරලා විදුලිබල මණ්ඩලය තෙල්, හාල්, ගල් අඟුරු මාෆියාවට යටවීම නිසා පහුගිය පෙබරවාරි හා මාර්තු මාසේ ජනවාරි මාසෙට සාපේක්ෂව විශාල මුදලක් පේන හැටියට කෝටි දාහතර දාහක වගේ දැවැන්ත මුදලක් අහිමි කරලා තියෙනවා ලංකා විදුලිබල මණ්ඩලය.
ඉතින් ඒක නිසා මෙවැනි ආකාරයෙන් නාස්තිය, අකාර්යක්ෂමතාව හරහා ප්‍රකෝටි ගණන් ධනය රටට අහිමි කරන ගමන්. ඒවා බදු හැටියට, ආහාර බදු හැටියට, ඖෂධ බදු හැටියට, එහෙමත් නැත්නම් තෙල් බදු හැටියට, විදුලි බදු හැටියට, ජනතාව පිට පටවමින් අපි සරලයි, අපි පඩි ගන්නෑ, අපි වාහන ගන්නෑ. කියලා කීම ඇත්ත වශයෙන් ම දැන් විහිළුවක් බව කියන්න ඕනේ. මුලින් අර දැවැන්ත කවුළු වහලා ඉන්න ඕනේ මේ මී ගුල් වැහුවට හරි යන්නේ නැහැ. දැවැන්ත කවුළු වලින් අද මහා පරිමාණ විදියට ධනය කාන්දු වෙනවා. මම මේක උදාහරණයක් දෙකක් විතරයි කිව්වේ.
ඉදිරියේ දී අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශයක් කරන්න. මම නැවතත් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා හිටිනවා ඔය දීලා තියෙන දැන් වර්තමානයේ දීලා තියෙන වාර්තාව ඔය රට පුරා විදුලිය විසන්ධි වීමේ තියෙන වාර්තා වෙනුවට කොමිසමක් පත් කරන්න. මෙහි තියෙන ඇත්ත නැත්ත අපි ප්‍රකාශ කරනවා. ඒ වගේ ම මේ රජයට අපි කියනවා පසුගිය නොවැම්බර් විසි හතර වෙනිදා මෙවැනි සිදුවීමක් සිදු වෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ පාලන මැදිරිය විසින් ඇමතිවරයා දැනුවත් කර තිබිය දී තමයි මේ සිදුවුණේ. ඒ නිසා මේක පාස්කු ප්‍රහාරය වගේ. කලින් දැනුම් දීල ත් රටේ විදුලිය පවත්වා ගෙන යන්න මේ ඇමති මේ ජනාධිපති අසමත් නම් මේ පාඩුවේ වගකීම ඔවුන් භාර ගත යුතුයි. මේ රාජ් ය දේපළවලට කරපු මේ කාරණය භාර ගත යුතුයි. චාමර සම්පත් රාජ්‍ය දේපළ සඳහා හිරේ යනවා නම්, ඒ වගේ දස දහස් ගුණයක් මේවටත් හිරේ යන්න ඕනා. ඒ සඳහා ඒ අදාළ ආයතන කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
2025 අප්‍රේල් 01, පෙ.ව. 9:37
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:29
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:22
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:10
23-03-25
23-03-25
11-03-25
11-03-25
10-03-25
10-03-25
08-02-25
08-02-25
13-12-24
13-12-24
04-12-24
04-12-24
05-10-24
05-10-24
03-10-24
03-10-24
01-10-24
01-10-24
09-08-23
09-08-23
31-07-23
31-07-23
22-02-23
22-02-23