2024 ජනවාරි 23, ප.ව. 1:06
නිල්වලා ගඟ හරස් කොට ඉදිකර ඇති – ලවණ බාධක වැටිය සම්බන්ධ ගැටළුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
ලවණ බාධක වැටිය හේතුවෙන් අගතියට පත් ජනතාව නියෝජනය කරමින් ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සිවිල් සංවිධාන නියෝජිතයින් කැඳවා අද පෙරවරුවේ (22) වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළා.
මෙම සාකච්ඡාවේදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ ජල සම්පත් මණ්ඩලය මඟින්, නිල්වලා ගඟ – ලවණ බාධක වැටිය ඉදිකිරීමේ දී කිසියම් අතපසු වීමක් හෝ දුර්වලතාවයක් සිදුවී ඇතිබව ට, තමන්ට ද පෙනී යන බවයි.
එහෙත් කුමන තත්ත්වයක් යටතේ උවද පවතින අර්බූදකාරී තත්ත්වයට විසඳුමක් ළඟා කර ගැනීම සියළු අංශ වල වගකීමක් බවද අමාත්‍ය වරිය පෙන්වා දුන්නා.
මෙම ලවණ බාධක වැටිය, වර්ෂාව අධික කාලවලදී ගඟ පිටාර ගැලීම ට ප්‍රධාන හේතුවක් බව ප්‍රදේශ වාසීහූ පෙන්වා දෙති. එමෙන්ම ඒ ආශ්‍රිත කුඹුරු ඉඩම් වල වගා කටයුතු ද වසර පහක පමණ කාලයක් තිස්සේ ඇනහිට තිබෙන බවද අගතියට පත් ජනතාව පෙන්වා දෙනවා.
මෙම තත්ත්වය සලකා බැලූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉංජිනේරු වන්ගේ නිර්දේශ සහ ප්‍රදේශයේ ජනතාව ගේ අදහස් හා යෝජනා මත, ලබන පෙබරවාරි මස මුල් භාගයේ අමාත්‍ය මණ්ඩලය ට යෝජනාවක් ඉදිරිපත් කර ඊට විසඳුම් ළඟා කර ගැනීම ට අපේක්ෂා කරන බවයි.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08