2023 දෙසැම්‍බර් 27, ප.ව. 5:31
සංකල්පීය වශයෙන් ඉතා යහපත් ව්‍යාපෘතියක් වුවත්, මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තාවන්ට අනුමැතින් ලබාදීම පිලිබඳ නැවත විමසිමකට ලක්කරමින්, නිල්වලා ගඟ හරස් කොට ජල සම්පත් මණ්ඩලය විසින් ඉදිකොට ඇති “ලවණ බාධකය” හේතුවෙන් ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වයට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා අදාල නිලධාරීන් අමාත්‍යාංශයට කැඳවා කරුණු විමසීමට වාරිමාර්ග සහ වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අද (27) දින පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව,ජලසම්පත් මණ්ඩලයේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා.
මෙහිදී, ලවණ බාධකය සහිත වැටියේ බාධාවන් හැකි ඉක්මනින් ඉවත් කර ගැටළු විසඳාලීම සඳහා දෙපාර්ශවයම එකඟ වූ අතර, මෙම ගැටලුව සඳහා ස්ථිරසාර විසඳුමක් යෝජනා කර දෙපාර්ශවයේම එකඟතාවය මත මාසයක් ඇතුලත වාර්ථාවක් ලබාදෙන ලෙසත් අමාත්‍යවරිය විසින් අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
මේ අවස්ථාව සඳහා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.ඩී. ජයලාල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජි. අයි.පී.ඒ. ගුණසේකර, ජලසම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් මහතන්තිල හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කලුආරච්චි ඇතුළු දෙපාර්ශවයේම නිලධාරී මහත්ම මහත්මීහු සහභාගී වූවා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06