hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජනවාරි 17, පෙ.ව. 10:18



ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම දින කිහිපයක් පමාවිය හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (17) පෙරවරුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එලෙස පමා වුණත් අදාළ ගෙවීම් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවයි ඔහු පෙන්වා දුන්නේ.

එහිදී අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා.

“ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම දවසක් දෙකක් පමා වුණත් නියමිත දිනට ගෙවීමට කටයුතු කරනවා එකතුවෙන මුදල් අනුව. මාණ්ඩලික නොවන රාජ්‍ය සේවකයින් ට පළමුව වැටුප් ගෙවනවා. කෙටි කාල පමාවක් සිද්ධ වෙන්න පුළුවන් මේ දුෂ්කර අවස්ථාවලදී පමණක්. මාණ්ඩලික ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවීම දවස් දෙක තුනක් හෝ සතියක් හෝ එකතුවෙනකල් මේ මුදල. මුදල් එකතු වුණේ නැතත් වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා ඒ සඳහා වෙළෙඳපොළෙන් සොයාගන්න බැරි වුණොත් අච්චු ගහලා හරි මේ ටික සකස් කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට යම් කාලපරාසයක් අවශ්‍ය නිසා හරියටම රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට තමා මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ.‍ මොකද මීට ඉස්සෙලත් මේ තත්ත්වය තිබුණා. ණය ගත්තා සල්ලි අච්චු ගැහුවා ගෙව්වා. දැන් ඒ දේ කරන්න බෑ. ඒ නිසයි මේ අමිහිරි යථාර්ථයට මුහුණදෙන්න සිදුවෙලා තියෙන්නේ. කිසිවෙකුත් කිසිම සැකයක් අවිශ්වාසයක් ඇති කරගත යුතු නෑ. කෙසේ හෝ අනිවාර්යයෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, පොහොර, බෙහෙත්, සමෘද්ධි දීමනා යනාදියට මුදල් ලබාදෙනවා.”