hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2023 පෙබරවාරි 23, පෙ.ව. 4:10



ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් මෙට්‍රික් ටොන් දහසක් පමණ තෙල් සංස්ථාව තුළ මේ වන විට ගොඩගැසී ඇතැයි තෙල් වරාය විදුලි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරනවා.

බොරතෙල් පිරිපහදු කිරීමේ දී නියම ප්‍රමිතියෙන් බාල පෙට්‍රල් නිෂ්පාදනය වී නැතැයි එහි එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසුවා.

සපුගස්කන්ද පිරිපහදුව වසා දමා නැවත විවෘත කළ මුල් අවස්ථාවේදී නිෂ්පාදනය වී ඇත්තේ මෙසේ ඔක්ටේන් අගය නියමිත ප්‍රමාණයෙන් නොමැති පෙට්‍රල් බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම පසුගිය කාලයේ දී ප්‍රමිතියෙන් තොර බොරතෙල් පිරිපහදු කිරීම නිසාද බාල පෙට්‍රල් තොග විශාල වශයෙන් නිෂ්පාදනය වී තිබෙන බවත් මෙම පෙට්‍රල් තොග වල ඔක්ටේන් අගය 80ත්-90ත් අතර ප්‍රමාණයක පවතින බවටත් හෙතෙම කියා සිටිනවා.