hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ජූලි 06, පෙ.ව. 12:04



ප්‍රසිද්ධ නිරූපිකා පියුමි හංසමාලී පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ අවස්ථාවේදී ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් එකක් රුපියල් 35,000 බැගින් ක්‍රීම් පාර්සල් 25,000ක් පමණ කුරියර් සේවය හරහා අලෙවි කළ බවයි.

නමුත් ඇයගේ භාණ්ඩ බෙදාහැරි කුරියර් සමාගම විසින් ඊට පරස්පර ප්‍රකාශයක් ලබාදී ඇති බව වාර්තා වේ, එම සමාගමේ ප්‍රධානියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ පියුමි හංසමාලි විසින් අලෙවි කරන සම පැහැපත් කරන ආලේපන වර්ග පාර්සල් තම ආයතනය හරහා අලෙවි කර ඇත්තේ 3500ක් පමණක් බවයි.

කෙසේවෙතත් එම නිෂ්පාදන කට්ටල 25,000ක් අලෙවිකර රුපියල් කෝටි 87 ක් පමණ උපයා ගත් බවට ඇය පැවසූවද, බෙදාහැරි පාර්සල් හරහා ඇය උපයා ඇත්තේ කෝටි 12 කට ආසන්න ප්‍රමාණයක් බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම භාණ්ඩ ඇය කුරියර් සමාගම් දෙකක් හරහා අලෙවි කර ඇති අතර දැනට එක් සමාගමකින් පමණක් ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර අනෙක් සමාගමේ හිමිකරුවන්ගෙන්ද ප්‍රශ්න කිරීමට කටයුතු කරමින් සිටින බව පැවසේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන් විසින් පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයගෙන් ප්‍රශ්න කිරීමටද නියමිතව ඇත.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: