hit counter

2024 ජූනි මස 30 වන ඉරිදා

2024 ජූනි 28, පෙ.ව. 9:52



නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට අයත් පෞද්ගලික ආයතනයේ කුරියර් සේවයේ සේවය කළ පුද්ගලයන් සිවු දෙනෙක්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27 ) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබෙ බවට වාර්තා වනවා.

මෙම කුරියර් සමාගමේ ප්‍රධානියා ඇතුළු සිවු දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (26 ) අවසර ලබාදුන්නා.

අසීමිත ධනස්කන්ධයක් ඉපයීම සම්බන්ධයෙන් පියුමි හංසමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී මූල්‍ය විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව හංසමාලිට අයත් බව පැවසෙන සම පැහැපත් කරන ආයතනයේ කුරියර් සේවය භාරව සිටි නිලධාරියා කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා.

එහෙත් එම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොපැමිණි අතර අධිකරණයෙන් ඊට අවසර ලබා ගැනීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව ඊයේ පෙරවරු 10.00 ට පමණ මෙම කුරියර් ආයතනයේ ප්‍රධානියා ඇතුළු සිවු දෙනකු නීති විරෝධී වත්කම් ඒකකය හමුවේ පෙනී සිටි අතර ඊයේ සවස් වනතුරුම ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: