2023 ජූලි 18, ප.ව. 4:31
“මම උපන් දා සිට මේ ගමේ පදිංචිව ඉන්නවා. ඒත් ගුවන් යානයකින් අපේ ප්‍රදේශයේ ගහක කොළයකටවත් හානියක් වෙලා නැහැ. ඉතිං අපි ඉස්තෝප්පුවේ ඉන්නකොට මම දැක්කා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ගුවන් යානයක් එනවා. එහි විශේෂත්වයක් තිබුණා. ඒක දෙපැත්තට පැද්දෙමින් ආවේ. මම මාමට කිව්වා “මාමේ මේක නම් කඩා වැටෙයි ද” කියලා. ඒ ගුවන් යානය අපේ ගේ පහු කරනවාත් සමගම විශාල ශබ්දයක් ආවා. මම දරුවො දෙන්නා බදා ගත්තා. ඒ සමගම දැවැන්ත සුළගක් ආවා. ඒ තත්වය තත්පර කීපයක් පමණයි පැවතුනේ. ඒ මගින් අපේ නිවසෙ වහළ, කුස්සියේ වහළය, යළි හොයා ගන්න බැරි වෙන්නම ගසා ගෙන ගිහිල්ලා තිබුණා. මේ ගෙදර හදල අවුරුදු 06 යි. ඒ වගේම මගේ ළමයින්ගෙ අධ්‍යාපන වියදම්, ගෙදරදොර එදිනෙදා වියදම් මම ආවරණය කර ගන්නෙ මේ පොල් වගාවෙන්. ඒ ගස් සියල්ල කැඩිලා, ඉදිරිලා ගිහිල්ලා.
මේ ගුවන් යානය සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන ගුවන් යානය බව අප සොයා ගත්තා. මෙම යානය තුළ ගුවන් මගීන් 292 ක් සහ කාර්යය මණ්ඩලය 12 ක් සිට තිබෙනවා. මෙම ගුවන් යානය ඒ.330 එයාර් බස් වර්ගයේ විශාලතම ගුවන් යානයක්. මෙහි එක් ඇංජිමක අශ්ව බල 75,000ක පමණ ධාරිතාවයක් තියෙනවා. මෙවැනි ඇංජින් දෙකක් මේ ගුවන් යානයට තියෙනවා. මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සුදානමින් පැමිණෙන විට, වඩාත් පහළ මට්ටමකින් ගමන් ගැනීම නිසා, ගුවන් නියමුවා එක වරම මෙම ගුවන් යානය ඉහළට ඔසවා තිබෙනවා. එහිදී මෙම යානයේ ඇංජින් මගින් නිකුත් වන අධික ශබ්දය සමග පසුපසට සිදු වන වායු තෙරපුම නිසා මෙම දැඩි සුළං තත්වය ඇති වී තිබෙනවා.”
එම අවස්ථාවේ ගුවන් නියමුවා සිය ගුවන් යානය සහ එහි සිටින මගීන් බේරා ගැනීම සදහා ගත් පියවර අගය කරමින් 07 දින එම ගුවන් නියමුවා ඇගැයීමකට ලක් කළ පුවත් එදින රාත්‍රී රූපවාහිනී පුවත් මගින් විකාශනය කළා.
අපි මේ පිළිබඳ කටාන පොලිසියට සහ කටුනායක ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට ලිඛිතව දැනුම් දීමක් සිදු කළා.
මෙම සිදුවීම නිසා දාගොන්න ගොඩැල්ල ඇතුන් නෑවූ තොටුපොළේ සිට කඩවල මංගලාරාම විහාරස්ථානය දක්වා කිලෝ මීටර් 05 ක පමණ ප්‍රදේශයක පිහිටි දේපොළ සහ නිවාස ආපදාවකට ලක් වී තිබුණා.
මෙහිදී අදහස් දැක්වූ මහදාගොන්න ගොඩැල්ල ශ්‍රී දේවාරාම විහාරස්ථානයේ නන්දරතන හිමියන් මෙසේ පැවසුවා.
“එදා 07/05 වෙනිදා සවස 05.35 ට පමණ විශාල ශබ්දයක් නිකුත් කරමින් ගුවන් යානයක් ගමන් කළා. සාමාන්‍යයෙන් අපේ පන්සල උඩින් තමයි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සන ගුවන් යානා ගමන් කරන්නෙ. එදා 07/05 සවස 05.35 ට පමණ විශාල ශබ්දයක් නිකුත් කරමින් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ දෙසට ගමන් කළා. ඒ සමගම විශාල සුළගක් ආවා. එයින් පන්සලේ ආවාස ගෙය, දහම් පාසැල ඇතුළු ගොඩනැගිලි වල වහළය ගැලවිලා ගියා. පන්සල් වත්තෙ ගස් විශාල ප්‍රමාණයක් මේ සුළගට අහුවෙළා කැඩිලා ගියා. පන්සලට රුපියල් කෝටියක පමණ අලාභයක් මෙයින් සිදු වී තිබෙනවා. අපට දැන ගැනීමට තියෙන විදිහට මෙම ගුවන් යානය අඩි 800 ක තරම් පහළ උසකිනුයි මේ ප්‍රදේශයෙන් ගමන් කර ඇත්තේ . ඒනිසා මෙම ගුවන් යානයේ නියමුවා එකවරම මෙම යානය අඩි 2,000 තරම් උසකට රැගෙන යාමට පියවර ගැනීමත් සමග මේ තත්වය ඇති වී තිබෙනවා.”
මෙසේ අපදාවට ලක් වූ ප්‍රදේශවාසීන් වෙත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් පිසූ ආහාර ලබා දීමට පියවර ගෙන තිබුණා.
2025 ජනවාරි 02, ප.ව. 2:25
2025 ජනවාරි 02, ප.ව. 2:21
2025 ජනවාරි 02, ප.ව. 2:18
2025 ජනවාරි 02, ප.ව. 12:58
2025 ජනවාරි 02, පෙ.ව. 12:09