2023 දෙසැම්‍බර් 13, ප.ව. 4:52
සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතරවරයකට ලක් වීමෙන් පසු එය සිදු කළ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබෙනවා.
12/13 දින උදෑසන 07.20 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානය තුළ මෙම ලිංගික අතවරය සිදු කර තිබෙනවා.
මොහු 49 හැවිරිදි ඉන්දීය ජාතික වඩු කාර්මික ශිල්පියෙක්.
ඔහු මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාව වෙත වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාම සදහා පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගියෙක්.
සෞදි අරාබියේ රැකියාවක නිරත තම පියා බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනා ද මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිටියා.
ඔවුන් අතරින් අවුරුදු 08 යි මාස 10 ක් වයසැති කුඩා දැරිය මෙසේ මෙම ඉන්දීය ජාතිකයා විසින් ලිංගික අතවරයකට ලක් කර තිබූ අතර , ඒ පිළිබඳව ගුවන් යානා කාර්යය මණ්ඩලය වෙත පැමිණිලි කිරීමට මෙම මව පියවර ගෙන තිබුණා.
ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට ගුවන් යානා කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබුණා.
මේ වනවිට අතවරයට පත් ශ්‍රී ලාංකික දැරිය සහ ඉන්දීය ජාතිකයා මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් යොමු කර තිබෙනවා.
ඉන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවා.
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේත් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත උප පොලිස් පරීක්ෂක චන්දන, පොලිස් සැරයන් 38220 දිසානායක සහ කාන්තා පොලිස් කොස්තාපල් 12168 සෙව්වන්දි යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිනවා.
කටුනායක ටී.කේ.ජී.කපිල
2025 ජනවාරි 11, පෙ.ව. 12:27
2025 ජනවාරි 11, පෙ.ව. 12:15
2025 ජනවාරි 11, පෙ.ව. 12:11
2025 ජනවාරි 11, පෙ.ව. 12:08
2025 ජනවාරි 11, පෙ.ව. 12:07