hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 04, ප.ව. 5:28



පසුගිය අරගල සමයේ රූපවාහිනීයට කඩා වැදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ ධනිෂ් අලී මෙවර කොලඹ මහ නගර සභාවට ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙන් තරග වදින අතර සංඝරාජ මාවතේ පිහිටි පක්ෂ කාර්‍යාලයට කොටහේන පොලීසියේ නිළධාරීන් ඊයේ පැමිණ එහි කටයුතුවලට බාදා පමුණුවා තිබෙනවා.

බීමතින් පැමිනි පොලිසිය කරදරයක්වූ බවත් මහ ජනතාවගේ ප්‍රශ්න හමුවේ ඒ වෙනුවෙන් හඩනගන පක්ෂ අරගලකරුවන් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් සොයා මෙලෙස පොලීසිය හදිසියේ කඩාවැද බියවැද්දීමක් කර ඇති බවත් ඔවුන් චෝදනා කර තිබෙනවා.

එහිදී කාර්‍යාලයේ සිටි පිරිසගෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ පොලීසිය පැය 2 කට පමන පසු කාර්‍යාලයෙන් ඉවත්ව ගිය බවද පැවසෙනවා.