hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2023 මැයි 19, පෙ.ව. 10:31



ආබාධිත 12 හැවිරිදි සහෝදරයා බලාගැනීම  තම නව හැවිරිදි කුඩා දියණියට පවරා පවිත්‍රතා කම්කරුවකු ලෙස සේවය කරමින් සිටි කාන්තාවක් බාල වයස්කාර දරුවන් කෘෘරත්වයට පත්කිරීමේ චෝදනාව මත පෑලියගොඩ පොලිසියේ ළමා හා කාන්තා  කාර්යාංශය මඟින් පෙරේදා (17) කැලණිය තොරණ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝඩිංකාමරයක තාවකාලිකව පදිංචිව  සිටි මෙම තිදෙනාගෙන් ‍ෙදාළොස් හැවිරිදි ආබාධිත දරුවා බලාගන්නට සිදුවීම නිසා නව හැවිරිදි  දැරියට පාසල් ගමන අහිමි වී තිබෙනවා. 

පාසල් යන වයසේ පසුවන දැරියක් පාසල් නොයවා ආබාධිත දරුවකු රැකබලා ගැනීමට යොදා ඇතැයි පොලිසියට අසල්වාසීන්ගෙන් ලද තොරතුරක් මත ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරය වෙත ගිය පෑලියගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ඊ.ටී.ඩී.ද සිල්වා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන දරුවන් කෘෘරත්වයට පත්කිරීමේ චෝදනාව මත ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් ඇයව 18 වැනිදා මහර අධිකරණය  වෙත ඉදිරිපත්  කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා.

මීට මාසයකට පමණ පෙර මෙම ස්ථානයට පදිංචියට පැමිණ ඇති මොවුන් තිදෙනාගෙන් ‍ෙදාළොස් හැවිරිදි සොහොයුරා මානසික ආබාධ සහිත අයකු බැවින් සහෝදරයා රැකබලා ගැනීම නව හැවිරිදි කුඩා දියණිය විසින් සිදුකර ඇතැයි පොලිසිය පැවැසුවා.

පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ දැරියගේ මව ප්‍රකාශ කර ඇත්තේ “මේ දරුවො දෙන්නාගෙ බඩගින්න නිවන්නයි මම පවිත්‍රතා කම්කරුවෙක් වශයෙන් රස්සාව කරන්නෙ. අපි තැනින් තැන කුලියට ඉන්න නිසා රජයෙන් කිසිම ආධාරයක් මේ ලෙඩ ළමයටවත් ලැබෙන්නෙ නැහැ. අපිට සමෘද්ධි දීමනා නැහැ. ඉතිං බඩගින්නට දුප්පත් පෝසත් භේදයක් නෑ. ගෙවල් කුලී ගෙවන්නයි, දරුවන්ට තුන්වේලෙන් එක වේලක් හරි කන්න දෙන්නයි මම ඔවුන් ගෙදර දාලා රස්සාවට යන එක ඇත්ත.

පොලිසියට තොරතුරු දෙන අය අපිට පාන් රාත්තලක් වත් දෙන්න නම් ඉදිරිපත් වෙන්නෙ නෑ. මගේ දරුවගේ තාත්තා මැරුණ දා ඉඳලා අපි අසරණ වුණා. බියගම ඉන්න කොට දුව ඉස්කෝලේ ගියා. තොරණ හන්දියට ඇවිත් කෙටිකාලයයි. දුවගෙ අධ්‍යාපනෙත් නතර වුණා. දුව ඉගෙන ගන්න ආසයි. ඒත් මට වත්කමක් නැහැ දරුවා පාසල් යවන්න” යැයි මව ඇගේ සත්‍ය කතාව පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර තිබෙනවා.

පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන  පොලිස් පරීක්ෂක එන්.ඒ. කළුවිතාරණ මහතාගේ මූලික අධීක්ෂණය මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය නව හැවිරිදි දැරිය අධ්‍යාපනය  ලැබීමට අවස්ථාව සැලසිය හැකි ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමටත්, මානසික ආබාධ සහිත  දරුවා එවැනි දරුවන් සිටින කණ්ඩායමක් ලෙස සාමූහිකව එක්ව සතුටින් ජීවත් විය හැකි ස්ථානයකට යොමු කරන ලෙසත් ඉල්ලමින් දරුවන් කෘෘරත්වයට පත්කිරීමේ චෝදනාව මත සැකකාරිය මහර අධිකරණය වෙත  ඉදිරිපත් කර තිබෙනවා.

පෑලියගොඩ පොලිසියේ  ස්ථානාධිපති එන්.ඒ. කළුවිතාරණගේ මූලික උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ඊ.ටී.ඩී. සිල්වාගේ මැදිහත්වීම මත පොලිස් කොස්තාපල්වරුන් වන   ප්‍රේමලාල් (191558), අල්විස් (103513) යන නිලධාරීන් විසින් මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කර සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.