2023 ජූනි 15, ප.ව. 2:17
ජාත්‍යන්තර පොලීසිය විසින් එක්සත් රාජධානියේ සංවිධානය කළ සැසියක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ පොලිස් නිලධාරීන් 06 දෙනාගෙන් 04 දෙනෙකු එක්සත් රාජධානියේදී අතුරුදන් වී ඇතැයි වාර්තා පළ වී තිබෙනවා.
අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ එම සිද්ධිය පිළිබඳ කරුණු සොයා බලමින් සිටින බවයි.
එම සිද්ධිය පිළිබඳ පුවත්පතක් වාර්තා කර තිබූ බවත් ඒ පිළිබඳ කරුණු සොයා බලා ලබා දිය හැකි බවත් ඒ මහතා සඳහන් කළා.
කෙසේ වෙතත් එම සංවිධානය මගින් එක් එක් රටවල සමුළු පවත්වන බවත් එම සමුළුවලට සිය පුද්ගලික වියදමින් ටිකට් පත් රැගෙන ලැබෙන ආරාධනා අනුව සහභාගී විය හැකි බවත් වාර්තා වනවා.
මෙම විශේෂ සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිය කණ්ඩායම පසුගිය 04 වැනිදා යළි ලංකාවට පැමිණීමට නියමිතව තිබූ අතර පැමිණ ඇත්තේ නිලධාරීන් දෙදෙනෙකු පමණි.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03