hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 09, පෙ.ව. 1:21



පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම සාකච්ඡාවේදී නව පොලිස්පතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස්පති ධුරයට කවරෙකු පත් කළ ද ඔහු පත් කෙරෙන්නේ එම ධුරයේ වැඩබැලීම සදහා මාස 3ක කාලයකට පමණක් බව ද සදහන්.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය පසුගිය 26 වනදායි අවසන් වුව ද පොලිස්පති ධුරය තවමත් පුරප්පාඩුවයි පවතින්නේ.

ඒ අනුව, අද වනවිට පොලිස්පතිවරයෙකු තනතුරේ නොමැතිව දින 13 ක කාලයක් ගතවනවා.

එවැනි පසුබිමක ජාතික පුවත්පත් කිහිපයක් ඊයේ වාර්තා කර තිබුණේ සී.ඩී. වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබාදීමේ සූදානමක් ඇති බවයි.

කෙසේ වෙතත්, පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිලිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර අද පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පොලිස්පති තනතුර සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ තීරණය එම සාකච්ඡාවේදී තමන්ට දන්වන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යවරයාට දැනුම්දී ඇතැයි ද සඳහන්.