2023 අගෝස්තු 23, ප.ව. 6:10
පොලිස් නිලධාරීන් වෙත ලබාදෙන බටා ආරක්ෂක හමුදාවල ආහාර දීමනාවට සමාන කිරීමට ලබන වසරේ සිට උත්සාහ ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ පොලිස් නිලධාරීන් වෙත බටා සහ ආහාර දීමනාවක් යන දිවිත්වයම ලබාදිය නොහැකි බවයි.
අමාත්‍ය ආරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරීන් වෙත ලැබෙන විශේෂ දීමනාව පාර්ලිමේන්තුවේ ආරක්ෂක ඒකකයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් වෙත නොලැබීම සම්බන්ධයෙන්ද කරුණු සොයාබලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
එසේම අදාළ විශේෂ දීමනාව නොලැබෙන පොලීසිය තුළ ඇති වෙනත් අභ්‍යන්තර දෙපාර්තමේන්තු කිහිපයක් වෙත ද මෙම විශේෂ දීමනාව ලබාදීම පිළිබඳව ලබන වසරේ අයවැය සකස්කිරීමේදී අවධානය යොමුකර තිබෙනවා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08