hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 මැයි 20, ප.ව. 6:59



බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරනවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වැල්ලම්පිටිය පොලීසිය විසින් ඊයේ (19) රාත්‍රියේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුනා.

ඊයේ රාත්‍රියේ සිට අද (20) උදෑසන දක්වා සිදුකරන ලද එම විශේෂ සෝදිසි මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කළ රියදුරන් තිදෙනෙකු බස් රථ සමග පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඉදිරි දින කිහිපයේදී ද මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් කොළඹ නගරයේදී සිදු කරන බව පොලීසිය පැවසුවා.