hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2024 ජනවාරි 25, පෙ.ව. 12:09



පසුගිය ඉරිදා (21) හැටන් නගරයේ පැවැත්වූ ජාතික තෛපොංගල් උත්සවයට ජනප්‍රිය දකුණු ඉන්දීය නිළියන්ට ආරාධනා කිරීම හේතුවෙන්  ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා විවේචනයට ලක්ව තිබෙනවා.

අයිශ්වර්යා රාජේෂ්, අයිශ්වර්යා දත්තා, සංයුක්තා මෙනන් සහ මීනක්ෂි (පින්කි සර්කාර්) යන දකුණු ඉන්දීය නිළියන් මෙම උත්සවය සඳහා සහභාහී වී තිබුණා. 

මෙම උත්සවය සඳහා දකුණු ඉන්දීය නිළියන් ගෙන්වා ගැනීම සඳහා බදු ගෙවන ජනතාවගේ මුදල් යොදාගත්තේද යනුවෙන් විමසමින් ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයාගේ දේශපාලන විරුද්ධවාදීන් චෝදනා එල්ල කොට තිබෙනවා.

මේ අතර, “ඉහළ යන ජිවන වියදම හේතුවෙන් ජනතාව පිඩාවට පත්ව සිටින අවස්ථාවක ජාතික තෛපොංගල් දිනය අති සුඛෝපභෝගී ලෙස සැමරීමට තොන්ඩමන් කටයුතු කළේ මන්දැයි” යැයි මේ සම්බධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ පස්සර සංවිධායක ලෙට්සුමනර් සංජය මහතා තොන්ඩමන් මහතාගෙන් විමසා තිබුණා.

“නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් හැරයාම වැඩිවී තිබෙනවා. පවුල් රැසක් සාගින්නෙන් පෙළෙනවා. ජනතාව ඡන්ද ලක්ෂයකට වඩා දීලා පාර්ලිමේන්තුවට යැව්වේ ඒ අයගේ සේවය ලබාගන්න. නමුත් ජීවන් තොණ්ඩමන් දකුණු ඉන්දීය නිළියන් ගෙන්නනවා. මේ සංචාරය සඳහා මුදල් ලබා ගත්තේ කොහෙන්ද? මේ විදියට ජනතා මුදල් නාස්ති කිරීම ගැන ජනතා නියෝජිතයෙක් ලෙස ජීවන් තොණ්ඩමන් අනිවාර්යයෙන්ම පිළිතුරු දිය යුතුයි” යනුවෙන් ලෙට්සුමනර් සංජය මහතා තවදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම, එසේම, දකුණු ඉන්දීය නිළියන් වෙනුවට දේශීය කලාකරුවන්ට මෙම උත්සවය සඳහා ආරාධනා කිරීමට හැකියාව පැවති බවද ඔහු තවදුරටත් පෙන්වා දී තිබුණා.