hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:33



මෙරට දුප්පත්කම සියයට 25කින් පමණ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, උද්ධමනය ඉහළ යාම සහ ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ යාම ඊට හේතුව බවයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

සියයට පහක් වූ අපේක්ෂිත උද්ධමනය එම මට්ටමට වඩා ඉදිරි මාස කිහිපයේ දී ඉහළ යනු ඇති.

තෙවන සහ සිව් වන කාර්තුවේ දී ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරෙනවා.

මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමටද ඊයේ (05) පියවර ගත්තා.

ඒ අනුව නිත්‍ය තැන්පතු අනුපාතියක සියයට 11 සිට 10 දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 12 සිට සියයට 11 තවදුරටත් අඩු වනු ඇති.

ඉදිරියේ දී වෙළදපොළ පොලී අනුපාතිකය ද පහළ යනු ඇති බවයි, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.