2023 අගෝස්තු 08, පෙ.ව. 1:02
මාධ්‍යවල පවසන පරිදි විදුලි ගාස්තු යළි සංශෝධනය නොවන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්වි වාර්ෂිකව විදුලි මිල සංශෝධනය කිරීමට නියමිතයි.
නියමිත විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා දිවයිනේ අඛණ්ඩව විදුලිය සැපයීමට ලංවිම සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු නැවත වරක් වහාම ඉහළ දැමිය යුතුව ඇතැයි විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට පසුගිය දා දැනුම්දී තිබුණා.
විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ජී.ඒ.ඩී.ආර්.පී. සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාට ඉකුත් 21 වනදා ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබුණේ විදුලිය ගාස්තුව වැඩිවීමක් ලබා නොදුනහොත් මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ වියදම් පියවා ගැනීමට නොහැකි වනු ඇති බවයි.
රුපියල් කෝටි තුන්දහස් තුන්සීයකින් සිය ආදායම් වැඩිකර ගැනීම සදහා මෙම ගාස්තු ඉහළ දැමීම සිදුකළ යුතු බවයි විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇත්තේ.
විදුලි ගාස්තු සියයට 66 කින් වැඩි කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 16 වනදායි.
එහෙත් පසුගිය මස 2 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට 25 කින් පමණ අඩු කෙරුණා.
2024 දෙසැම්බර් 25, ප.ව. 2:45
2024 දෙසැම්බර් 25, පෙ.ව. 10:15
2024 දෙසැම්බර් 25, පෙ.ව. 10:13
2024 දෙසැම්බර් 25, පෙ.ව. 10:09
2024 දෙසැම්බර් 25, පෙ.ව. 10:06