2023 ජනවාරි 28, ප.ව. 1:36
දෛනික විදුලි කප්පාදුව කළමනාකරණ වැඩසටහනකට අනුව සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ පිළිබදව ඔවුන් මහජන උපයෝගිතා කොමිසම ද දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ, මෙම දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් උසස් පෙළ සිසුන් තුන් ලක්ෂ තිස් එක්දහසකගේ මානව හිමිකම් කඩවන බවයි.
මේ අතර, උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වැනි දා දක්වා කාලයේ දී විදුලි කප්පාදුවකට මුහුණ පෑමට සිදු වුව හොත් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව 077 5 687 387 යන අංකයට වට්සැප් මගින් හෝ 011 2 392 641 දුරකතන අංකයට ෆැක්ස් මගින් පැමිණිලි සිදු කළ හැකියි.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06