2023 මැයි 17, ප.ව. 4:35
ගල්අඟුරු ගෙන්වාගැනීමට නොහැකි වීම නිසා කළුවර ජූලියක් බලාපොරොත්තු වන ලෙස මීට පෙර විදුලිබල වෘත්තීය සමිති පළ කළ මත අසත්‍යක් බවට පත්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරනවා.
නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය 30 වැනි ගල්අඟුරු නෞකාවේ ගල්අඟුරු මේ වනවිට ගොඩබාමින් පවතින බවද අමාත්‍යවරයා පවසනවා.
ඒ අනුව මේ වසර සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය සියලුම ගල්අඟුරු තොග ලැබී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරනවා.
මීට පෙර වෘත්තීය සමිති පැවැසූ කළුවර ජූලිය ඒ අනුව උදා නොවන බවත් එය අසත්‍යක් බවට පත්ව ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06