2025 මාර්තු 05, පෙ.ව. 12:17
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ප්‍රධාන ගැටලුව හොරකම, දූෂණය නොව බලශක්ති අර්බුදය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසයි.
වසර 76 ක තිස්සේ රට දියුණු කීරීමට බාධාව හොරකම සහ දූෂණය බව කීව ද එය රට දියුණු කීරීමට පවතින මුල් ගැටලු අතර එකක් පමණක් යැයි ද ප්‍රසාද් සිරිවර්ධන ප්‍රකාශ කරයි.
රටේ බලශක්ති අර්බුදය විසඳිය හැක්කේ වත්මන් රජයට පමණක් බවත් ඔවුන් විපක්ෂයේ සිටියහොත් බලශක්ති අර්බුදය විසඳීමට ගන්නා ව්‍යාපෘතිවලට විරුද්ධව නැගී සිටින බවත් හෙතෙම පැවසීය. ඊට හොඳම උදාහරණය උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව කටයුතු කළ ලැජ්ජා සහගත ක්‍රියාව බව ද ඔහු සඳහන් කළේය.
බල ශක්ති අමාත්‍යවරයා රට පුරා විදුලිය විසන්ධි වීමට හේතුව වඳුරෙක් යැයි වගකීම් විරහිත ප්‍රකාශයක් කළ බවත් එය ජාත්‍යන්තර මාධ්‍ය පවා හාස්‍යයට ලක් කළ බවත් ප්‍රසාද් සිරිවර්ධන පැවසීය.
අපි බලශක්තිය ඉන්දියාවට විකිණීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා ඉන්දියාව සමග සමීපව කටයුතු කළ යුතු බව ද එම ව්‍යාපෘතිවලට විරුද්ධව තමන් කටයුතු නොකරන බව ද ඔහු අවධාරණය කරයි.
ආයෝජකයින් ඉවත්ව යන විට අපට තව ඕනෑ තරම් ආයෝජකයින් සිටින බවට උද්දච්ච ප්‍රකාශ නොකර ඔවුන් සමග සාකච්ඡා කිරීම වැදගත් බව ද එවැනි උද්දච්ච ප්‍රකාශ කරන විට ආයෝජකයින් රටට පැමිණේදැයි සිතා බලන ලෙසත් ඔහු වැඩි දුරටත් කීවේය.
2025 මාර්තු 05, පෙ.ව. 12:29
2025 මාර්තු 05, පෙ.ව. 12:26
2025 මාර්තු 05, පෙ.ව. 12:24
2025 මාර්තු 05, පෙ.ව. 12:23
2025 මාර්තු 05, පෙ.ව. 12:20