hit counter

2025 සැප්‍තැම්‍බර් මස 07 වන ඉරිදා

2025 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:03



ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඝෝෂාකාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය යනාදිය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුකරන බවය.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා තබා තිබූ ෆේස්බුක් සටහන පහතින්.

2025/09/08 දින සිට නීතිය තදින්ම ක්‍රියාත්මක වන අතර දිවයින පුරා පොලිස් නිලධාරීන් පරික්ෂාවන් සිදු කරනු ඇත..

⛔ ධාවනයට නුසුදුසු තත්වයෙ තිබියදී ධාවනය. [2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශොධිත ප්‍රධාන ප්‍රඥප්තියෙ 146 වන වගන්තිය .]

⛔ වර්ණය වෙනස් කිරිම. [2013 රජයෙ අති විශෙෂ ගැසට් පත්‍ර 1795/35]

⛔ නිවි නවි දැල්වෙන සවිරාම වු විවිධ වර්ණ සහිත අමතර පහන් සවි කර ධාවනය. [මෝටර් වාහන පනතෙ 153(2) වගන්තිය. 2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 146 වන වගන්තිය .]

⛔ වාහනවල නළා භාවිතය.
[2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 146 වන වගන්තිය. 2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 155 වන වගන්තිය .]

⛔ මෝටර් වාහන වල ඉදිරියෙ, පිටුපස සහා බඳහි පැතිවල චිත්‍ර මොස්තර සහා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරිම. [1996.05.16 දිනැති රජයෙ අති විශෙෂ ගැසට් පත්‍ර 923/12.]

⛔ නීති විරෝධි සවිකිරීමි නිර්මාණ වෙනස් කිරිම. [2009 අංක 08 දරන මෝටර් පනත ( සංශොධිත ) පනතෙහි 5 වන වගන්තියෙ සංශොධිත 2 වන වගන්තිය 9 වන වගන්තියෙ සංශොධිත 10 (2 )වන වගන්තිය]