hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 පෙබරවාරි 01, පෙ.ව. 12:22



පසුගිය වසරේදී අඩු වයසේ ගැබ්ගැනීම් 79ක් සිදුව ඇති බව ළමා අධිකාරියේ නවතම වාර්තාවෙන් හෙළි වී ඇත. ඒ අනුව අඩු වයස් විවාහ 9ක්,නිරුවත හෙළි කරනවා යැයි තර්ජන 150ක් වාර්තා වී ඇත.

නව යෞවුන් වියේ පසුවන වයස අවුරුදු 18ට අඩු දැරියන් 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී ඉහල ගොස් ඇත.

එමෙන්ම ළමා ආරක්ෂක අධිකාරියෙන් නිකුත් කළ වාර්තාවෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ 2025 වසරේදී ළමුන් හා සම්බන්ධ පැමිණිලි 10455 ලැබී ඇති බවත් වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ බවත් එහි සදහන් වේ.

එම පැමිණිලි වලින් 8514ක් ළමාරක්ෂණ පනත යටතේ ගොනු කර ඇති බවත් ඉතිරි පැමිණිලි 1941 ඒ පනතට පරිබාහිර ඒවා බවත් වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: