hit counter

2025 දෙසැම්‍බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:18



සිය­යට පන­හක් නැති පළාත් පාලන ආය­ත­න­වල බලය විප­ක්ෂ­යට ලබා දී වැඩ කර­ගෙන ගියා­නම් අය-වැය පරා­ජය නොවන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ප්‍රේම­නාත් සී. දොල­වත්ත මහතා පැව­සීය. 

කොළඹ මහ නගර සභාවේ අය-වැය පරා­ජය වීම සම්බ­න්ධ­යෙන් මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් හිටපු මන්ත්‍රී­ව­රයා මේ බව කියා සිටි­යේය.

මන්ත්‍රී­ව­රුන්ට සල්ලි දී, මන්ත්‍රී­වරු තමන්ගේ සාක්කු­වට දාගෙන රහස් ඡන්ද තියා බලය ගත්තට, එම බලය පව­ත්වා­ගෙන යා නොහැකි බව හෙතෙම කීවේය.

හිටපු මන්ත්‍රී­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය. 

අද පළාත් පාලන ආය­ත­න­වල අය-වැය එකෙන් එක පර­දි­නවා. රටේ මර්ම­ස්ථා­නය තමයි කොළඹ මහ නගර සභාව.

කොළඹ මහ නගර සභාවේ අය-වැය අපි දැක්කා. එදා රහස් ඡන්ද තියලා දිනා ගත්තට අද අත්වුණු ඉර­ණම හැමෝ­ටම දැක­ගන්න ලැබුණා. 

දැන් පළාත් පාලන ආය­ත­න­වල අය-වැය ජය­ග­න්නත් ආණ්ඩු­වට රටේ තිබෙන අත්‍ය­වශ්‍ය කාරණා පවා අම­තක කර භෝජන සංග්‍ර­හ­ව­ලට යන තත්ත්ව­යට පත්වෙලා තිබෙ­නවා. 

එහෙම කර­ල­වත් අය-වැය දිනා­ගන්න බැරි වෙලා. දැන්වත් ආණ්ඩුව සැබෑ තත්ත්වය තේරුම් අර­ගෙන වැඩ කළ යුතුයි. ඉදි­රි­ය­ටත් පළාත් පාලන ආය­ත­න­වල අය-වැය පරා­ජය වෙන එක වළ­ක්වන්න බැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: