hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 20, ප.ව. 5:48



ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය ‍සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීමට අදාළව ශ්‍රී ලං.අ.ප.සේ. 1 ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම සඳහා සිංහල හා දෙමළ භාෂාවෙන් සකස් කරන ලද නිවේදනය, පාසල් ලේඛනය, ලකුණු පටිපාටිය සහ ආදර්ශ ඉල්ලුම් පත්‍රය 11 වන දින අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති බව සඳහන්.

අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය මේ මස 31 වැනිදා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.