2026 අප්‍රේල් 05, පෙ.ව. 12:12
ආර්ථික අර්බුදය අවස්ථාවේ රටේ මුදල් නොමැති පසුබිමක අඩු ආදායම් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු ඉහළ ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් 10%ක උපයන විට බද්දක් අයකිරීමට තීරණය කළ විට ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම ජවිපෙට සම්බන්ධ වෛද්‍ය වෘත්තීය සමිතියද ඊට එරෙහිව වර්ජනය කළ බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ පවසයි.
එහෙත් ඒ අර්බුදකාරී අවස්ථාවේ තමන් වර්ජනයට එකතු නොවූ බවත් ඒ නිසාම වෘත්තීය සමිති මගින් තමන් ද්‍රෝහියෙකු ලෙස සැලකූ බවද ඔහු පෙන්වා දෙයි. එහෙත් එදා වර්තමාන සෞඛ්‍ය නි. ඇමති හංසක විජේමුණි, නි. ඇමති ප්‍රසන්න ගුණසේන, නජිත් ඉන්දික එම වර්ජනයට එකතු වූ බවද හෙතෙම ප්‍රකාශ කරයි. අද වර්තමාන ආණ්ඩුව යටතේද අදාළ බද්ද අයකරන බවත් හැකිනම් එය අහෝසි කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් වෛද්‍ය මහගම්මුල්ලගේ පවසයි.
එදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ එකට වර්ජනය කළ ජවිපෙ දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද්‍රෝහීන් ලෙස සලකන නමුත් මෙවර ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ බවද වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ අවධාරණය කරයි.
මෙවර ස්ථාන මාරු කමිටුවට එකතු වන්නට ඔවුන්ට අවස්ථාව ලබා දී නොමැති බවත් ආයතන සංග්‍රහය අනුව ඔවුන්ට ඒ සඳහා අයිතියක් ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි. රටේ සමස්ත වෛද්‍ය ප්‍රතිශතයෙන් 15%ක් ඇති වෘත්තීය සමිති සඳහා එම අවස්ථාව හිමි වුවද ජවිපෙ වෘත්තීය සමිතියට එම හිමිකම නැති නිසා එම සුදුසුකම ඇති GMOA එකට එම අවස්ථාව නොදීම නීතිමය වරදක් බවද ඔහු සඳහන් කරයි.
පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ මේ බව කීය.
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:14