2025 අගෝස්‍තු 01, පෙ.ව. 12:08
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ ලෙස පෙනී සිටිමින්, ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ට සහ දේශපාලනඥයන්ට එල්ල වූ මරණ තර්ජන මාලාව දේශපාලන කුමන්ත්‍රණයක් විය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ප්‍රියන්ත ජයකොඩි පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට පත්වූ අතර මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම සිදුවීමට අදාළව ඩුබායි රාජ්‍යයේ සිට දුරකථන ඇමතුම් ලබා දුන් බව කියන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පත්වූ අතර සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කුමන්ත්‍රණයේ සුලමුල හෙළිවී ඇත.
සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පාපොච්චාරණයකට අනුව, තර්ජන කළ යුතු ඉහළ පොලිස් නිලධාරීන්ගේ සහ දේශපාලනඥයන්ගේ දුරකථන අංක ලබාදෙමින් ඒ සඳහා උපදෙස් දී ඇත්තේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා බව තහවුරු වී තිබේ.
විමර්ශනවලදී තවදුරටත් හෙළි වී ඇත්තේ, ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයකට සම්බන්ධ පොලිස් සංගමයක සක්‍රීයව කටයුතු කරන බවයි.
කෙසේවෙතත් මෙම තර්ජන කිරීම් පිටුපස දේශපාලන අරමුණක් පවතින්නේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැඹුරින් විමර්ශනය කරමින් සිටී.
2025 අගෝස්‍තු 01, ප.ව. 1:38
2025 අගෝස්‍තු 01, ප.ව. 1:36
2025 අගෝස්‍තු 01, ප.ව. 1:30
2025 අගෝස්‍තු 01, ප.ව. 1:06
2025 අගෝස්‍තු 01, ප.ව. 12:27
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
31-07-25
31-07-25