2023 අගෝස්‍තු 18, ප.ව. 10:36
පසුගිය දිනක බුදුදහමට අදාළව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ මව්පියන් අද (18) දිනයේදි රාමඤ්ඤ මහා නිකායේ සංඝ මුලස්ථානයට පැමිණ පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ බැහැදැක තිබෙනවා.
ඔවුන් මෙලෙස පැමිණ තිබුණේ දේවගැති ජේරම්ගේ ප්‍රකාශයෙන් බුදු දහමට, බෞද්ධයන්ට සිදු වූ අගෞරව වෙනුවෙන් මහා සංඝරත්නය සහ සමස්ත බෞද්ධ සමාජයෙන් සමාව ඉල්ලීමටයි.
දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් පැවති අතර අනතුරුව ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ වැරැද්ද තේරුම් අරගෙන ඒ පිළිබඳව සාකච්ඡාවකට පැමිණ සමාව ඉල්ලනවා නම් බෞද්ධ සමාජයක් ලෙස සමාව දීමට සූදානම් බවයි.
එහිදී සෝභිත හිමියන් මෙසේද, කියා සිටියා.
“පළමු වටයේ සාකච්ඡාව සුහදශීලීව නිමා වුණා. අපි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව ඉදිරියට අරන් යන්න.”
මේ අතර දේවගැති ජෙරොම් ගේ මෑණියන් වන බෙවින් ප්‍රනාන්දු මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ කියා සිටියා.
“කෝටි වාරයක් අපි සමාව ඉල්ලනවා අපේ පුතාගේ වචනවලින් ලොකු කුඩා සියලු දෙනාටම හිත් රිදීමක් වුණානම්. අපිට සමාවෙන්න නායක ස්වාමීන් වහන්සේ අපිට මේ අවස්ථාව ලබා දීම ගොඩක් ස්තුතියි.”
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු බුදු දහමට සිදුකළා යයි කියනු ලබන අපහාස සිද්ධියෙන් පසුව මේවන විට රටින් පළාගොස් සිටිනවා.
අන්තර්ජාලය හරහා තවදුරටත් දේශන සිදුකරමින් මුදල් ඉපයීම සිදුකරන අතර ඔහුටත්, ඔහුගේ බිරිඳගේ නමින් ඇති බැංකු ගිණුම්වලටත් මිලියන ගණනක මුදල් හුවමාරු වීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
2025 මැයි 12, පෙ.ව. 12:14
2025 මැයි 12, පෙ.ව. 12:13
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:06