2024 දෙසැම්‍බර් 25, පෙ.ව. 10:09
ඇතැම් පාර්ශ්ව බුදුදහමට අවමන් කරමින් සිදුකරන ක්‍රියා ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමට පෙර ඒවාට එරෙහිව පියවර ගත යුතු බව මල්වතු සහ අස්ගිරි මහා විහාර පාර්ශ්ව පෙන්වාදී තිබේ.
එහි නා හිමිවරුන් ඊයේ (24) මෙම අදහස් පළ කළේ දේවගැති ජෙරම්ගේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ශ්ව කිහිපයක් පැමිණ මල්වතු හා අස්ගිරි මහාවිහාර දැනුම්වත් කළ අවස්ථාවේදීය.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු නමැත්තා පවත්වන කිසියම් ආගමික වැඩසටහනක චීවරයකින් සැරසුණු පුද්ගලයෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත පසුගිය දිනවල මුදාහැර තිබුණි.
එවැනි සිදුවීම් හෙළා දකිමින් කාදිනල් හිමිපාණන්ද පෙරේදා (23) ප්‍රකාශයක් සිදු කළේය.
මෙවන් පසුබිමක ඒ පිළිබඳ දැනුම්ත් කිරීම සඳහා අද පස්වරුවේ රාවණා බලය සහ සිංහලේ යන සංවිධානවල භික්ෂුන්වහන්සේ, මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුවේය.
එහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පැවසුවේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් නීතියානුකූල ලෙස කටයුතු කළයුතු බවය.
මේ අතර, ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ද අද මහනුවරට පැමිණ දේවගැති ජෙරම් ප්‍රනාන්දු නමැත්තාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වවල නා හිමිවරුන් දැනුම්වත් කර තිබුණි.
2025 දෙසැම්‍බර් 29, ප.ව. 2:06
2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:14
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 10:37
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:19
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:15
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25