2023 ජූලි 19, ප.ව. 12:10
            
ජාතික රෝහලේ රසායාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් විරෝධතාවක් දියත් කර තිබෙනවා.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ, රාසායනාගාර සේවා කටයුතු පවත්වා ගැනීමට බාධා වන අයුරින් ඇතැම් නිලධාරීන් අනවශ්‍ය මැදිහත් වීම් සිදු කිරීම ඇතුළු ඉල්ලීම් 5ක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය දියත් කළ බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරල්වරයා සමග පසුගිය සතියේ ඇති කර ගත් එකඟතාවට අනුව, ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය සතියක කාලයකට අත්හිටවුව ද, එකඟතා කිසිවක් ක්‍රියාත්මක නොවීමට එරෙහිව ජාතික රෝහලේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් ඇතුළු සියලු රසායනාගාර සේවා කාර්‍යමණ්ඩලය මෙම උද්ඝෝෂණයට එක්වූ බව ඔහු පැවසුවා.
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නිල කාමරය ඉදිරියේ මෙම උද්ඝෝෂණ පවත්වා තිබෙනවා.
හෙට (20) දහවල් 12:00ට අදාළ එකඟතා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා එකඟවීමත් සමග පිරිස විසිර ගිය බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07