2023 ජූලි 19, ප.ව. 5:21
වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තව ත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවකයින්ගේ විරෝධතාවක් අද (19) පෙරවරුවේ පැවැත්වුණා.
මෙම විරෝධතාවට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් ඒවායේ සාමාජිකයන් 3,000 ක පමණ පිරිසක් එක් වී සිටි බව වාර්තා වෙනවා.
ගුවන් තොටුපොළ මෙම සේවකයින්ට අවසාන වශයෙන් වැටුප් වැඩිවීමක් හිමි වී තිබුණේ 2018 වසරේදී බව ත්, සාමාන්‍යයෙන් ගුවන් තොටුපොළ සේවකයින්ට සෑම වසර තුනකට වරක් වැටුප් වැඩිවීමක් සේවා ව්‍යවස්ථාව අනුව හිමි වීමට නියමිත බව ත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති කේ.ඩී.එස්.ප්‍රියන්ත මහතා පැවසුවා.
එහෙයින්, සියලු ම වැටුප් තලවල ගුවන් තොටුපොළ සේවකයින් වෙත අවම වශයෙන් රුපියල් 33,000ක වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස තමන් ඉල්ලීමක් කරන බව ද ඔහු සඳහන් කළා.
කෙසේ වෙත ත්, මෙම සේවක විරෝධතාව හේතුවෙන් ගුවන් ගමන්වලට හෝ ගුවන් තොටුපොළ එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතුවලට බාධාවක් හෝ බලපෑමක් සිදු වී නොමැති බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා පැවසුවා.
2024 දෙසැම්බර් 23, ප.ව. 5:10
2024 දෙසැම්බර් 23, ප.ව. 4:55
2024 දෙසැම්බර් 23, ප.ව. 4:06
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:12
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34